Выберите трек для воспроизведения
නැවතුනු තැන සිහියට ඒවි
විඳි මතකෙන් සිත නොමිදේවි
මියදුනු සිහිනෙක යලි ඉන්නට බෑ
නොමැකෙන හැඟුමක සිරවේවි
නුඹ මට දුන් සතුට සිඳේවි
එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ
හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරැවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරැනා
Vocalizing
චරිතෙ මතුපිට ම්ම්ම්
ඇතුළෙ නොකියන රහස්
එ වින්ඳෙ ආදරේනම් නෙමෙයි
දැනුයි මං නිදහස්
අහස නුහුලන බොරැ ළඟ ගෙවුවෙ පෙර කරුම
හුරුබුහුටි පෙනුමට සිතිවිලි නරුම
ගැළපෙනවද? තව නැලවෙනවද?
සිනහව මර මර මගෙ හිනැහෙනවද?
වියකෙන කඳුලැලි මත ලියනෙමි තනු
නිම කරනු කෙලෙසද මෙ ගනුදෙනු
හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විඳිනා
හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා
හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විඳිනා
හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා
යුවතිය හෙලු ආදර බැල්මෙන්
වසඟෙට ගෙන සිරකර ඇල්මෙන්
එදා අප ගත කළ කාලය යළි එන්නෑ
වරදක පැටලී අප විඳිමින්
ගොඩ ගැසි ඒ මතකෙට හොරහින්
ගියත් පසුකර දුර යන්නට හිත දෙන්නෑ
හිතුවක්කාරයි ළඟ යාවි ඉන්නෑ
දැනුනත් ආලේ යළි මා ළං වෙන්නෑ
මෙ රිදුමෙන් මා නම් මිදෙන්නෑ
රහසින් නාවත් හදින් පෑ
හිඳිනව කාටත් හොරෙන් තාමත් සිතින් ඈ
හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරුවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා
රහසින් තාමත් විඳිනා
හැඟුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරුනා