Выберите трек для воспроизведения
දිගත දිවයුරු රැස් විදන්
පතිනියකි මා ඔබ නමින්
පතිනිවත රැකි අනුහසින්
සලඹ සැලුනා ඒ හඬින්
දිවි යදම් මැද වඩිනු මැන යලි
කන්නගී මා නුඹේ පතිනිය
නයනයුරු නෙක පෑ දනන් වෙත
ඇසිල්ලක්වත් නොමැත හිනැහුන
ඔබට බැඳි නෙතු අඳුන් කිසිවිට
අසන කල යලි නොඑන බව නුඹ
විසල් විජිතය අතැර එනු මැන
කන්නගී මා නුඹේ පතිනිය
ලදලු පැහැසර ලවන් සැඟවිය
හද පෙලන කල ඔබ නොමැති ලොව
රිසි දකින සඳ ලොල් වඩන විට
නිමි නොනිමි පෙම ලොව සරන කළ
සොවින් මා ලය මුදාලනු මැන
කන්නගී මා නුඹේ පතිනිය