Выберите трек для воспроизведения
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
කැකුළු මලසේ නැවුම් වී
සිතක් මෝදුවේ
සළෙල බමරුන් ඇදී ඒ
මලට ලොල් සිතේ
රඟන තාලේ බලා
ගයන ගීතේ අසා
මත් වේවිදෝ
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
සිතට වහලෙක් නොවේනම්
කිරුළු පළඳයි ලොවේ
ඉක්මන් සුවේ සොයා යයි
ගැඹුරු අවපාතයේ
ඈත දුර ගැන සිතා
සිත් පහන් වේවිනම්
ජය මාවතයි
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ
පෙම් සිහින මාරුතේ
සංසුන් හදක් නැවක් සේ
ගිලේ මායාවකින්
සංගීත සාගරේ