Выберите трек для воспроизведения
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
දිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේ
ඔවුන්ගේ නමයි මේ ලොවේහි රැඳෙන්නේ
ලොවේහි රැඳෙන්නේ
උසස්කම්, පහත්කම් සොයාලා බැලීමෙන්
වැඩක් නෑ, පලක් නෑ ඊර්ෂ්‍යා කිරීමෙන්
ඊර්ෂ්‍යා කිරීමෙන්
හෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවී
නවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවී
පිටත්වන්න වේවී
රාග, ක්‍රෝධ, මෝහේ, මානේ වෙලීලා බැඳීලා
ශාපයක්ම වාගේ වේවී පාපේ ගැලීලා
පාපේ ගැලීලා
මළ දා නිදන්නේ එකටයි කනත්තේ
කුල, මල, ජාතී භේදේ එදා නෑ නැගෙන්නේ
එදා නෑ නැගෙන්නේ
කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
අරගෙන යන්නේ
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ