Выберите трек для воспроизведения
තලා පෙලලා පොඩි කරලා
මාව වට්ටන්න හැදුවත් හරස් වෙලා
මම මගේ ගමන මගේ පාරෙමයි
කලකට පෙර දැක්ක හීනේට මම දැන් ලගයි
කෙනෙකුට හීන නම් ගොඩයි එත් ඒකෙන් ඉටුවෙන්නෙ නම් ටිකයි
කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි අන්තිමට මට මම විතරමයි
පොඩි කාලෙ ඉදන් දැක්කෙ හීන
මට බලන්න ඕන මගේ අම්මගෙ හිනාව
කට්ටියක් හිනාවේ කට්ටියක් අඬයි
මට ලොකු අඬන මිනිහගෙ හිනාවයි
ඒ මගේ හීනයයි
මගේ හීන එන්නේ කෝටි ගනන් සල්ලි එක්කමයි
හිත ඇත්නම් පත කුඩාද
සල්ලි තිබ්බනන් හීන ලගපාත
වරෙන් කියපන් කියපන් කරපන්
රැප් සෙල්ලම දරුනුයි.
හිත කියන දේම අහපන්
හිත කියන දේම කරපන්
ලෝකෙට හොර දෛවය විකුණපන්
මගෙ හීනේ ඉටු වුන දවසට
හීන නැති එකා තියන සක්කිලිකමට
ලග පාතවත් නොයිද
දිනපු හීනෙටත් අයිතිවාසිකම් කියයි
මව් සෙනෙහේ මත...
නෙතු කදුලු අග.
තරු හීන මැද.
මගෙ රිදුනු හිත...
ඉරි තැලුන කය...
නෙතු වසග විය...
රැප් අකුරු මත...
මම විදින දුක...
රැප් හීනෙක පැටලිලා... පැටලිලා...
රැප් හීනෙක පැටලිලා... පැටලිලා...
රැප් හීන අමුතුයි
මගේ හීන දරුනුයි
හීන වැඩි උනු තරමට උකස් උනෙ මගේ අම්මගේ වලලුයි
දන්න සින්හලෙන් ගෙතුවේ රැප් කටු කම්බි
මගෙ පද රචනය බිහිසුනුය
පොඩි කාලේ ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය
ආන්ඩුවෙ ස්කොලෙදි ලිව්වේ රැප්ය
මම යකෙක් මගෙ තැන හරි දරුනුය
රැප් වපුරවයි පල දරයි
දලු දාපු ජීවිතෙට දැන් හතුරො ගොඩයි
මගෙ වචන ගොඩයි
අත දෙන්න හිටියෙනන් වටේට හතර පහයි
උඩරට හදවතින්ම
හිනාව තිබුනත් යට ගින්දර
පැදුරෙන් කුටියට
කුටියෙන් මැදුරට
අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පැදුරට
හීනත් වික්කා යාලුවොත් වික්කා වචනත් වික්කා ජිවිතෙම වික්කා
මටත් හොරෙන් මගෙ අදහස් කුනු කොල්ලෙට විකිනුනා
හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ
ඉරිසියාව විතරක් ඇයි මට පිටු පෙරලන කොට මගේ රැප් හීන පොතේ
මව් සෙනෙහේ මත...
නෙතු කදුලු අග.
තරු හීන මැද.
මගෙ රිදුනු හිත...
ඉරි තැලුන කය...
නෙතු වසග විය...
රැප් අකුරු මත...
මම විදින දුක...
රැප් හීනෙක පැටලිලා... පැටලිලා...
රැප් හීනෙක පැටලිලා... පැටලිලා...