Сингл / Трек
සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක
සිනාසෙන්නේ සොවින් සිත යට
නොයා ඉන්නේ නුඹව අතහැර
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා
තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත්සේ
නුඹයි කියා සිතුමත්තේ
මටත් හොරා දුර ඇත්තේ
දරාගන්නේ රහස අඳුරක
සිතා උන්නේ තනිව සිත යට
රසේ දුන්නේ ඔබට දිවියක
සිතේ ඉන්නේ ඔබය පහසට
රත්තරනේ නුඹ මගේ පන නිසා
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා