Выберите трек для воспроизведения
Сингл / Трек
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
සඳ තවම නිසලයි
කොඳ මල් නිදා නොඉඳී
සඳ තවම නිසලයි
කොඳ මල් නිදා නොඉඳී
රෑ අහස යට අපි කී කතා
තරුවැල් හෙමින් මුමුණයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...
හද සොවින් සසැළෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
හද සොවින් සසැළෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
ගං දෑල මල් පාගා තලා
ඔබ නික්මුණා මතකයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගඟ තවම තරුණයි
ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා
ගඟ රැලි පවා මුමුණයි
ගඟ තවම තරුණයි...