Выберите трек для воспроизведения
එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මං කොහොම මනින්නද
නුඹව හඬවන නුඹව රිද්දන
එහෙම දේවල් නෑ හිතේ මගේ
කරකාර බැඳගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේ
අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද
ආදරෙ කියලා හිත පිලිගන්නට
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
තණ්හා ආශා නුඹ ගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ