Выберите трек для воспроизведения
තරු එළියේ
ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
සීතල පින්නට මගේ හිස තෙමුනා
ඈතින් ඈතට මගේ හිත යැවුනා
පුළුන් රොදක් සේ මගේ සිත මට දැනුනා
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
වෙහෙස නිවා,
ඝන අඳුරේ
සිසිල සදා,
තරු එළියේ
පියමැනලා,
මල් ගොමුවේ
ඔබ දුටු දා,
මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා
තරු එළියේ
ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ
රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ