Выберите трек для воспроизведения
ඔබ නිදන්න ඔබ නිදන්න
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා
ඔබ නිදන්න ඔබ නිදන්න
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා
පෙම්බරයන් පෙම්බරියන්
වෙත කියු කතා
පවසන්නම් සොදුරියෙ මම
ඔබට ගොත ගොතා
රුසිරු කොමළ රුව රසදුන්
උළයි මගෙ නෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුවලද
කියා මට හිතේ
ඔබ නිදන්න ඔබ නිදන්න
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා
හිත මාගේ හදුනාගත්
පරමාදරියේ
ඔබ වාගේ සුන්දරියන්
ඇත සීගිරියේ
අපේ ලොවට නවෝදයේ
එලිය පාදනා
අලුත් ඉරක් පායනු ඇත
හෙට උදෑසනේ
ඔබ නිදන්න ඔබ නිදන්න
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා
ඔබ නිදන්න ඔබ නිදන්න
සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා