සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා. දෑසේ මායා
නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ
එයා Drama Queen
මවලා හේතු රඟපාලා Scene
එයාගේ පදේ දැම්මා Dance ඉතින්
විදින්නෙ බොරු ඒවා නම් nothing! ඒවා නම් nothing
මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ
විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ
නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ
මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ
Jeez එයා අවේ ගලවන්න දත
මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට
මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු
සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි
අනේ පනේ කියාගෙන ආවට
මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ
ඇහේ කනේ තියාගෙන හිටියට
වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ
බඩගින්නට කෑවේ මගේ ඔලුව
වචන නගුල හෑවේ හිත වගේ මලුව
අතුරුපසට ආයේ තව එක වලියක්
යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවාඒයි
Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා
Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා
ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා
මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා
ආ සේ මුලාවේ ඈඳීලා
යාවී නුරාවේ නෑවීලා
පාරාම යාවී ගෑවීලා
ඒ හද ආයෙම ඈ
එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින්
මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine
ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින්
මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying
එක බොරුවට මගේ බොරු දෙකයි babe
මේ karma ඔයාව හොයන් එයි
ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh
මේ Drama එකේ නලුවා ඔයයි
සංකාරිද මා වත පේනා
හීනේ පුරා රති ගේනා
නාරිලතාවක සේයා
දෑසේ මායා
නෑ පෙම නෑ පෙම නෑ
මා ළඟ නෑ ළඟ නෑ
මාගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ
සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා. දෑසේ මායා
නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ