Выберите трек для воспроизведения
සිත දැවුනා තුන් යම මා
ඉකිගැසුවා රහසෙම මා
නොදැනෙන සේ සිටියදි මා
ඔබගෙ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොයෙනා
දිනෙක සදා
සිත දැවුනා තුන් යම මා
ඉකිගැසුවා රහසෙම මා
Yohani, you baby
නාඳුනන ඔරුවක්
ඔබ නොකියාම ආව
හඳුනාගෙන හාදු දී
නොකියාම නාව
නිදිකුම්බා මලක්
කිම ඇහැරුවේ මාව
තනි කලාට හිත නෑ
ඒත් නුඹ ගාව
ඕනෙ උනේ යථාර්ථෙ පලාගිය ආලයක්
බ්ලේඩ් තල අදිමදි කරපු නහරයක්
අපිට අපිව තේරුම් ගන්න කාලයක්
නොදැනිම රැස් වුනා මං ගැන රාවයක්
මම රැප ජීවිතය කරගත්ත පොරක්
මතකද කෙල්ලෙ මම කිව්වා වරක්
Busy වෙයි සංගීතෙ බදු අරන්
ඒත් උඹ සැකේට දුන්නා මහ බරක්
මුලදි අපි ලිව්වා රචනා පස්සට
පෙරලුන හැටි වචන අස්සට
දක්කා වෙනස ඒ පැටලුන ඇස් යට
යන්න බැරිද ඒ කාලෙ ඉස්සර
උසම තැනට යන පාරයි
මතකයන් ඇවිදින් අතීතෙ පාරයි
ඇවිද යමු එපා නතරනම් වෙන්න
නුඹ ළඟ ආසයි අතරමං වෙන්න, කෙල්ලෙ
සිත දැවුනා තුන් යම මා
ඉකිගැසුවා රහසෙම මා
පරසතු මල කාම
අකුසල සිත පවකට ඇදි ඇලිගෙන ආව
පිටරටකදි ඈ නුඹ ගාව
අනියම් පෙමකට නුඹ පියමැන්න
ගිය පාර නාව දුක තාම වාවගෙන
පාර ගාව වෙල් යාය අතීතය
හැමදාම මාගෙ ළඟ පාට හීනයක
තෑගි දීගෙ හොර ගැනි වේද
දැන දැන මා
දැක දැක මා
නොදුටුව සේ දුක් වින්දා
සිතු දේ මා
පැතු දේ මා
අතහැරදා යන්නම් මා
සිත දැවුනා තුන් යම මා
ඉකිගැසුවා රහසෙම මා
නොදැනෙන සේ සිටියදි මා
ඔබගෙ මුසා සිත මැරුවා
නවතිමි මා ඔබ නොයෙනා
දිනෙක සදා