Выберите трек для воспроизведения
දැදුරු නෙත් අග පිපුණු පිනිදිය
ස්වේත වළාවන් මතට ඇවිත්
නිමල පැතුමක අමිරි මතකය
දුරු දසුනකට යා කළා..
ඔබ මිදුණේ සත්‍ය සොයා
තුටු වෙම් අද ඔබෙ පාද දොවා
පරදා මරසෙන් ඔබ මතුදා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා
එතෙර වන්නට යාත්‍රාවක
අතැර යන දෙනුවන අයා
අයැද නවතින ලෙසින් කෙළෙසට
නොම කියන් හද තිර කළා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා
විහිදි දම්රස පිරූ හදවත
එතෙර යන බව ඉඟි කළා
නොනිමි පෙම් රස සඟව නිහඬව
අමා ගංතෙර වෙත ගියා
වැඩු මැන සඟමව් නුඹ අනුඋතුරා...