Выберите трек для воспроизведения
උපමා ලොවේ ගලපා කෙසේ
කියමිද කවදා නුඹේ ආදරේ
සිනහා මුවේ මැවුණා මෙසේ
දෙතොලග ගැයෙනා මගෙ ආදරේ
දුටුවා හිරු සඳු පවා හිනැහුනා
තුරු වැල් පවා නැලවුනා ආදරෙන්
ඔහු සොයා මද නලේ රැගෙන යනු ගී මගේ
නිල් දියේ සැඟවිලා ආදරේ යන රඟේ
සඳ නොමැති ලොව යම් දිනේ
අඳුරු වී යයි මගේ
වලාවට කලියෙන් ඇවිත් මා
රැගෙන යනු හිමියනේ
නුඹ එනා මග තුරා තරු එලිය සැරසිලා
පිනි වැටී ගිම් නිවා සඳ කුමරු වඩිනවා
හමුවනා මග කණමැදිරි එලි
බොහෝ රැවටෙනු එපා
නුඹ එනා තුරු සඳලුතලයේ
මං බලා ඉන්නවා
උපමා ලොවේ ගලපා කෙසේ
කියමිද කවදා නුඹේ ආදරේ
සිනහා මුවේ මැවුණා මෙසේ
දෙතොලග ගැයෙනා මගෙ ආදරේ
දුටුවා හිරු සඳු පවා හිනැහුනා
තුරු වැල් පවා නැලවුනා ආදරෙන්