Выберите трек для воспроизведения
වජ්ර පටලෙන් බැදී නීල නුවන්
කවට සිනාවන් මුවැති ළදුන්
උළෙල සරණ නෙක දැසි දස්සන්
අතරේ ගැටී ඔබේ නෙත මනරම්
මල් මැද සිනා සී
බිතු සිතු රූ මවාවී
මත් සිත් වූ සමාධී
දැහැනක් දෝ මා සෙවූ
කුමරියේ දෙව්ලියේ
එක්ව යන් මා හා ගං තෙරේ
කුමරියේ දෙව්ලියේ
වෙනවදෝ මගේ ආදරේ
යුගත් දමෙන් මල් සරසන්නම්
කුසල් බෙලෙන් ඔබ දෝවන්නම්
පිපෙන නෙලුම් වියපත් වේනම්
රකිමි මගේ ආදරේ වේනම්
කුමරියේ දෙව්ලියේ
එක්ව යන් මා හා ගං තෙරේ
කුමරියේ දෙව්ලියේ
වෙනවදෝ මගේ ආදරේ