Выберите трек для воспроизведения
රාධා රාධා
ඔද්දල් වූ ඕලාරික හැඟුමින්
හදවත සඟවාගෙන සඳ පහනින්
සෙනෙහස සොයලා යමුනා ඉවුරට
ආවෙමි ක්රිෂ්ණා කොහේද රාධා
කොහේද ඔබ රාධා
යොහොඹු කුසුම් යහනක මැලවී ඇත
තමලු ලතාවන් අවුල් වෙලා
සියුමැලි පා සටහන් පර මල් මත
ඇඳී තිබේ රාධාවනි ඔබ නැත
කොහේද ඔබ රාධා
හිමාලයේ හිම දියවී ගැලුවට
ගල් පර අතරේ යමුනාවක් නැත
රණ තිසරුන් නැති පුලින තලා මත
මිලාන පස් පියුමන් මිස නුඹ නැත
කොහේද ඔබ රාධා
රාධා රාධා
ඔද්දල් වූ ඕලාරික හැඟුමින්
හදවතග සඟවාගෙන සඳ පහනින්
සෙනෙහස සොයලා යමුනා ඉවුරට
ආවෙමි ක්රිෂ්ණා කොහේද රාධා
කොහේද ඔබ රාධා