Выберите трек для воспроизведения
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ
මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරේ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුනාවේ
සඳගනාවට සඳලුතල සිප
සුවදෙන යාමයේ
උණුහුමේ ගිරිතුඩට මී පැණි
ගෙනේවී රාත්රියේ ආයේ
කාලෙකින් මං ආවේ නැත්තේ පහල ගං තීරේ
ඉවුරුතල සිපගන්න අවසර දේද හිත කීවේ
ගෙවීයන මේ භවේ ජීවිත ගානේ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ
සඳගනාවට සඳලුතල සිප
සුවදෙන යාමයේ
උණුහුමේ ගිරිතුඩට මී පැණි
ගෙනේවී රාත්රියේ ආයේ