Выберите трек для воспроизведения
නුවර වැවේ පෝය හඳ වැටී හිනැහෙන රෑට
වළාකුළු බැම්ම උඩ මං හිටියේ හැමදාම
ඇත්තටම උඹ කිව්ව හාස්කම් වෙනවාද
තරු කඩං වැටෙනකං බලන් හිටියම රෑට
තරු කඩං වැටෙනකං බලන් හිටියම රෑට
සුසුම් හංගාගෙන ඉන්න මගේ රළු පිරිමි කම
මද සුළඟටත් සැලුණේ හන්තාන දෙසින් එන
මල් මාල අමුණාපු මගේ අරුම පෙම්වතිය
පරිස්සම් කළෙත් මම කන්ද වගේ හන්තාන
පරිස්සම් කළෙත් මම කන්ද වගේ හන්තාන
වෙරළු මල් සුවඳකට රැවැටුණා නම් ඉතින්
රාවණා පරපුරක දඬුමොණර නැති කමින්
බදු ඔප්පුවේ කාලේ හෙමින් ඔහේ ගෙවෙද්දෙන්
නොදුටු මගේ පිරිමිකම හෙට උඹට දැනිද්දෙන්
නොදුටු මගේ පිරිමිකම හෙට උඹට දැනිද්දෙන්
නුවර වැවේ පෝය හඳ වැටී හිනැහෙන රෑට
වළාකුළු බැම්ම උඩ මං හිටියේ හැමදාම
ඇත්තටම උඹ කිව්ව හාස්කම් වෙනවාද
තරු කඩං වැටෙනකං බලන් හිටියම රෑට
තරු කඩං වැටෙනකං බලන් හිටියම රෑට