Выберите трек для воспроизведения
කලුවර අහසක් එලිය කරන්නේ තනිවුණු සඳකින් නම්
තරැකැට පායන්නේ ඇයි නොදනිම් තනිවුණු සඳනම් මං
දිය පොදකුත් නැති කතරක හිනැහෙන සුවඳැති කුසුමක් නම්
වැසි නොවැටෙන තරමට මං ආසයි හිනැහී මියයන්නෙම්
මේ කෙළවර නොපෙනෙනා මා ජීවන ගමනේ
මා ලුහුබැඳ දිවඑනා ඒ අතීතය නිබඳේ
මතකයන් අමතක කළා හෙට දින සොඳුරැ වන තුරා
ජීවිතේ යදම් ගිලිහිලා මගේ ලෝකයක තනිවුණා
මේ සියොළඟ ඇවිලෙනා ඒ ගිනිදැල් නිවමින්
මා නෙතඟින් ගිලිහෙනා මේ කඳුලැලි අතරින්
බොඳවෙනා සිහිනයක් වී ආදරය මට හිනැහුණා
ඇහැරෙනා තුරා විඳගමී සොඳුරු තනිකමේ තනිවෙලා