ලොව සැම මුදවා සාමය පතුරා
මිනිසත් බව ලැබුවේ
සැම දන වෙත සම මෙත් කරුණාපා දහම බෙදා දුන්නේ
මැදියම් අඳුරේ පෑ තරුවක් සේ
ලොව නිති සුදිලෙන්නේ
අවිහිංසාවේ සිගිති සිනහවෙන් ලොව
සාම මිහිර දුන්නේ
ඔබයි ජේසු බිළිඳාණෝ
ඔබයි දේව රජිඳාණෝ
ඔබයි සාම කුමරාණෝ
ඔබයි අපේ විරුවාණෝ //
ලොව පව් සෝදා ගුණදම් වපුරා
අප සුදුවත් කෙරුවේ
සැම සිත් නහවා මනුදම් පුරවා
නිසි මං ගැන්වූයේ
ගව මඩුවක ඉපැදී දිළිදෙකු සේ
ආදර්ශය දුන්නේ
සුරැකි පියා සහ දෙව් මව් පහසින්
රැකවරණය දුන්නේ
ඔබයි ජේසු බිළිඳාණෝ
ඔබයි දේව රජිඳාණෝ
ඔබයි සාම කුමරාණෝ
ඔබයි අපේ විරුවාණෝ //