Выберите трек для воспроизведения
ගොලුවෙලා මා සිත තනිවෙලා
ඒ ලයේ කොණටවී ගුලිගැසී මාවෙලී
පායා, ආව සේයා රූප ඡායා මාගේ දෑසින් පේනා
සීතලේ මිදී සිත මා වෙලා
මගේ වී ලයේ හී
සොයා ගියත් ඒ සදා
සෙවූ ලොවේ රෑ පුරා
නොමැකෙන සේයා කඳුලැලි පාරා
පැතු ඡායා තනිවී ගෙවනා
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ
පෑආල සේයා ඒ රූප ඡායා මා
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා
මා ලය මිදීලා රෑ පුරා
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා
හදේ රැඳී මේ ආලේ සේයා
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා
සෙවූ මා පෑ ආලේ
තනිවෙලා ආදරේ මුමුණනා මාහදේ
කොඳුරණා ගුලිවෙලා පෑ සෙනේ
සොයා ගියත් ඒ සදා
සෙවූ ලොවේ රෑ පුරා
නොමැකෙන සේයා කඳුලැලි පාරා
පැතු ඡායා තනිවී ගෙවනා
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ
පෑආල සේයා ඒ රූප ඡායා මා
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා
මා ලය මිදීලා රෑ පුරා
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා
හදේ, රැඳී මේ ආලේ සේයා
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා
සෙවූ මා පෑ ආලේ