Оберіть трек для відтворення
හදවත රිදෙනා තැන් දන්නා
ඒ නොරිදා සනසන්නා
පෙම දන්නා
කදුලෙත් සිනහා බිදු පෙන්වා
මා දිනනා තුරු සසරේ
ලග ඉන්නා
වෙහෙසක් දැනෙනා
මොහොතේ මා හිස අතගා
අත නොහැරී පසු පස ආ
දුක සැප උහුලා
මා වෙනුවෙන් මා රකිනා
ආදරයක් ඔබ දුන්නා
සිතන්න නෑ වෙන කිසිවක්
නිදන්න සැනසී මාගේ තුරුලේ
මේ වාරේ
ගිමන් හරින්නට සෙවණක්
නොවින්ද කෙනෙකුට නිවනක් ආලේ
පණ මාගේ
වෙහෙසක් දැනෙනා
මොහොතේ මා හිස අතගා
අත නොහැරී පසු පස ආ
දුක සැප උහුලා
මා වෙනුවෙන් මා රකිනා
ආදරයක් ඔබ දුන්නා
කළ පැතුමක් ඉටු වීමයි
මගෙ සොදුරුම හමු වීමයි ඔයා
ජීවිතයේ
අපි අපිටම හිමි වීමයි
මම සදහට නුඹෙ වීමයි දරා
ගමි රහසේ
වෙහෙසක් දැනෙනා
මොහොතේ මා හිස අතගා
අත නොහැරී පසු පස ආ
දුක සැප උහුලා
මා වෙනුවෙන් මා රකිනා
ආදරයක් ඔබ දුන්නා
හදවත රිදෙනා තැන් දන්නා
ඒ නොරිදා සනසන්නා
පෙම දන්නා
කදුලෙත් සිනහා බිදු පෙන්වා
මා දිනනා තුරු සසරේ
ලග ඉන්නා
වෙහෙසක් දැනෙනා
මොහොතේ මා හිස අතගා
අත නොහැරී පසු පස ආ
දුක සැප උහුලා
මා වෙනුවෙන් මා රකිනා
ආදරයක් ඔබ දුන්නා