අවකාශයක සැඟවුනු කතා
මවනා.. ජීවිත රටා
යා හැකි දුරකට උන් තටු සලා
දුර යයි සීමා මකා
නිහඩ ගමනක දුර ඇදෙන විට
සොයන නිදහස නිමාවක් නැත
සිත හැරුනු තැන බියක් ඉතිරිව
නිහැඩියාවක දවයි හදවත
කටු ගෙයක් තුල පුවරු ඉරි ඇද
දින ගනි මල දිනය නොදැනම
වරද දැන දැන නොනැවතුනු සිත
මිහිරි මතකය ගිලා ගනු ඇත
රති තන්හා රගා කෙලෙසුන් වඩා
කුසල් සිත රවටා මග හරවනා
සත්‍ය සෙව් ගමනේ අරමුනු කරා
නිවන ඇත නුබ එනකන් මග බලා
මනුධම් රකිනා මිනිසා
කැලබෙයි වෛරේ ගංගා
එපිලෙ සතුර ට වඩා
දරුනුයි මෙපිලෙ මිතුරා
රති තන්හා රගා කෙල්ලෙසුන් වඩා
කුසල් සිත රවටා මග හරවනා
සත්‍ය සෙව් ගමනේ අරමුනු කරා
දුර යයි සීමා මකා.........