
වේදනා මේ හිතේ මෝදු වේ
මා මෙසේ රෑ සඳේ පාවුනේ
ඈ නෙතේ මා වගේ ආදරේ
මා වගේ ඈ මගේ නෑ වුනේ
ආයාසයේ නිදනා පැයේ
නොසිතූ ලෙසේ සිතුණා මෙසේ
මදු මී මතේ නිදනා ලඳේ
නුඹමද එදා බැඳුනේ ළයේ
පෙරදා සනහා
මතුදා පෙලනා
සරා සඳේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා
සරා සඳේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා
ආයාසයේ නිදනා පැයේ
නොසිතූ ලෙසේ සිතුණා මෙසේ
මදු මී මතේ නිදනා ලඳේ
නුඹමද එදා බැඳුනේ ළයේ
පෙරදා සනහා
මතුදා පෙලනා
සරා සඳේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා
සරා සඳේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා