රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී
රෝස පෙති අතුරාලා...
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී
රෝස පෙති අතුරාලා...