Оберіть трек для відтворення
Сингл / Трек
නිල් වරල පුරා මල් අතුරලා
බිඟුන් මත් කරන
රන් මුව මඩලින් රැස් විසිරුවා
තොඩුන් දිදුලවන
නිම් නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින
හදසෙන් වැදී ගජසෙන් මඬිනා
දෙව්ලියේ ඔබ කවුද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මල් මකරන්දයෙන් නා දලු තෙමා
මීවිත බොන්න
පෝ සඳ අසලින් පුන් සඳ තියා
සාවුන් සිපගන්න
හද-හද බැඳී ගත-ගත වෙලී යන
මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට
ඇරයුම් කරන්නද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න
මේ නදුන් උද්‍යානයේ
දැහැනින් සුවය වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි
සොඳුරියේ නුඹ නිසාමද?
ඕ, ශෘංගාරී මගේ හද විල් තීරයේ
කිමිදෙන්න
දැහැනින් බැඳවුන් සලෙලුන් මුදමින්
විඳගන්න