Оберіть трек для відтворення
නුඹ නා මෙනෙවී, මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී
ගිම් නිවමී
මනරම්... නා මෙනෙවී
මේ ලවැලි තලේ, හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ
ගයනා ගී... මියුරු සරේ
මේ ලවැලි තලේ, මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ, මෙහෙවරත් මගේ
මට අමතක වේ
නිල්... වරල සදා
කඩුපුල් මලිනා, දිගු නීල නුවන්
දෙපසා ඉසිනා
විඳිනා... ඔබ රූ
රූ සිරිය අගේ, සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ, සැළලිහිණි උනේ
පෙර පවට මගේ
නුඹ නා මෙනෙවී, මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී
ගිම් නිවමී