Оберіть трек для відтворення
ඇබ්රෝඩ් වල පාරවල්වල
සුද්දො අතරින් මාත් ඇවිදිනවා
දකින නොදකින සෙරන්ඩිබ් මල්
ඩොලර් හුලඟක ඔහේ ඉගිලෙනවා
ආලේ උණුහුම ඕනෙ කාලෙම
හීත රිතුවක හාදු බොඳවෙනවා
ඒත් ඒ අවසාන හාදුව
තාම හදවත අස්සෙ කකියනවා
තාම හදවත අස්සෙ කකියනවා
වාවගන්නට බැරිම තැන්වල
කියාගන්නට බැරි කතන්දර
සයනවල බන් ඔහේ ලියවෙනවා
හෙනම දිග මහ රෑක දවසක
වලාකුළු උඩ දුක තවරගෙන
සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා
සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා
බ්රෑන්ඩඩ් සළු කබා අස්සෙන්
තදට නුපුරුදු වෙහෙස හංගනවා
අයිස්කඳු ගිණිකඳුත් එක්කලා
පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා
වීදී සරසන පහන්එළි යට
දහස්ගාණක් කතා මිමිනෙනවා
ඈත ගම්වල තැලුනු හිත් පෙති
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා