Оберіть трек для відтворення
නෙතු අග කඳුලැල් සගවාගෙන නුඹ
දහසක් දුක්විඳ මා...සවිකර
ජීවිතයේ මංපෙත සදනා නුඹ
තරුවද අමාවකේ... තරුවද අමාවකේ...
අදුරු මගේ ලොව එළිය කරන්නට
දහදිය විලවුන් ගත තවරාගෙන
ගොම්මන් වී දොරකඩට වඩිනවා...
මැළවුණු මුහුණින් සිහින දකිනවා
දෑතේ කරගැට මතුවන තෙක් නුඹ
කැටයම් කල ලොව කිරුළු දරන අද
අනේ මගේ ලඟ නිසලව ඇයි නුඹ
හිදින්නෙ අප්පච්චී... හිදින්නෙ අප්පච්චී...
මතු බුදුවෙයි නුඹ අප්පච්චී...