Оберіть трек для відтворення
අන්න බලන්, බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන්, උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්
අන්න බලන්, බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන්, උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්
අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස් තට්ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්
රනේ රුවට නළලත දිළිසේ
අන්න බලන්, බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන්, උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්
අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ
දවුල් හඬෙන්, තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක් නෑසේ
අන්න බලන්, බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලවෙන අන්දම්
අන්න බලන්, උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්