Оберіть трек для відтворення
දෑත දරා ඇවිදින් ආදරයෙන්
මා වෙනුවෙන් හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
සේද වලා අතුරාලා සඳ පායා
ඇති රෑ තුරුලේ ගෙවමු
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
ආදරයෙන් හමුවීමයි හිමි වූ
මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ළං වී පෙමින් දම් ගොතමි
ගිම්හානේ තුහීන ගේනා
ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි
තරු යායේ පුරා හඳ මාගේ
වලාවකින් මාගේ ආලේ ලියමි
සේද වලා අතුරාලා සඳ පායා
ඇති රෑ තුරුලේ ගෙවමු
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
ආදරයෙන් හමුවීමයි හිමි වූ
දෑත දරා ඇවිදින් ආදරයෙන්
මා වෙනුවෙන් හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු