Оберіть трек для відтворення
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුනා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
දෑතේ වෙලී එදා කියූ කතා
මතකින් ඔබේ කෙසේ ගිලිහී ගියේ
රහසේ හමුවී ගැයූ ගීත
මා සිතින් මැකී නොයේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ...
ඔබ හා දෙපා නැගු මාවතේ
පිපි මල් මිලාන වී සැලී ගියේ
අඳුරේ තනිවී
සිත ඒ දුකින් සදා හඬා වැටේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුනා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ