Оберіть трек для відтворення
සියොලගින් හැඩගෙන ජීවිතයේ
හද සොරාගෙන...
රොන් සුරල් දී වෙලා දෑසින්
පැතුමන් දරාගෙන...
මා වෙලාගෙන විසිරුවයි මන
මිහිලියේ නුඹ සිතේ
ආදරයෙන්...
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත්මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී
චන්දු කුමරි නුඹ ගගන දිදුලන
සුරලියන්ගේ රුසිරු පරදන
ඉදු සරින් මන බිදෙන මොහොතක
මත් කරයි හද දිවසරින් නුඹ
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත්මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී
දේහ නාරී අසිරි පෑ කළ
නිති වෙලයි නෙතු බඹරිදුන් දැක
අසුරු සේනා රොද වඩන කළ
නොම දියන් සදේ ළදලු දෙතොල් නුඹේ
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත්මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී