Оберіть трек для відтворення
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නෙලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මන්පෙත පා... දා...
රහසක් සඟවා
ගොලු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරෙ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා