Оберіть трек для відтворення
සඳ කොමලියට කතා
ඉඟසුඟ නාරිලතා
හිත මන බන්දන සේයා
ඔය බැල්මකට නුරා
හිත අරගත්ත හොරා
මට ඉඟි කරවන ඡායා
රුව දිලෙනා කවි ලියනා
කරකාරෙට බඳිනා
පද අමුණා මට කියනා
නුඹ ගජමන් නෝනා
නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා විට හිත මා
පෙම මටමයි ඕනා
නුඹ ද සිහින පෙම් කුමරා
බැඳුන රැඳුන වන බඹරා
ගැහෙන තැනක පෙම තවරා
ගන්නකෝ මේ හිත දැන් පවරා
හිත මගෙ තාලෙට නැලවෙනා
කරවට මාලෙක සෙලවෙනා
මුතුපොට ගෝමර ලෙල දෙනා
කවිපද ආලෙට ලියවෙනා
කෝමළ ලඳ කියා
බෙන්තර පාලම උඩ ඔයා
හිත මැද ආදරෙ තිය තියා
නොදැනිම
නුඹට හිත ගිය
සුන්දර කෝල සිනා
ගින්දර තාල මනා
අන්දර වැට ළග පානා
පින්බර දාක පතා
පෙම්බර ආල කතා
මම නුඹෙ වෙන්නට ඕනා
රුව දිලෙනා කවි ලියනා
කරකාරෙට බඳිනා
පද අමුණා මට කියනා
නුඹ ගජමන් නෝනා
නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා විට හිත මා
පෙම මටමයි ඕනා
රුව දිලෙනා කවි ලියනා
කරකාරෙට බඳිනා
පද අමුණා මට කියනා
නුඹ ගජමන් නෝනා
නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා විට හිත මා
පෙම මටමයි ඕනා