Оберіть трек для відтворення

හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
දමා කඩුක්කන් ඔටුනු නළල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
බලාහිඳින අඟනුන් සත්තයි
ආලේ බඳී රහසින්
ආ... බලාහිඳින අඟනුන්
ආලේ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලේ බදියි අඟනුන්
ආ... කියා එද්දි අද මං
ආලේ බදියි අඟනුන්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්